දින කීපයක ඉඳන් කුවේට් රට හැඩ වෙනවා,සැරසෙනවා.තරුණයෝ තම තමන්ගේ වාහන ස්ටිකර් වලින් අලංකාර කරනවා.අහසත් කාර්ය බහුලයි, නිතරම ගුවන් සංදර්ශන. මේ වෙනසට හේතුව හොයාබැලූ විට දැනගන්න ලැබුනේ පෙබරවාරි 25 හා 26 දිනට යෙදී ඇති නිදහස් උත්සවය වෙනුවෙනුයි මේ ලක ලෑස්තිය.
බටහිර ආසියානු රටක් වන කුවේටය එක් පසෙකින් ඉරාකයටත් අනිත් පසින් සවුදි අරාබියට හා අරාබි මුහුදට මායිම් වී ඇත.18 හා 19 වන සියවස් වලදී පෙරදිග ඉන්දියානු හා මැදපෙරදිග වෙළඳ මාර්ගයේ පිහිටි සාර්ථකම වෙළඳ පොලක් මෙහි තිබී ඇති අතර මේ හේතුවෙන්ම කුවේට් ආර්ථිකය ඉතා සමෘද්ධිමත් විය.පලවන ලෝක යුධ සමයේ එවකට කුවේට් පාලකයා විසින්, ඔටෝමාන් අධිරාජ්‍ය නොහොත් වර්තමාන තුර්කියට සහාය දැක්වීම නිසා බ්‍රිතාන්‍යය අධිරාජ්‍යා විසින් කුවේටයට එරෙහිව ආර්ථික සම්බාධක පනවන ලදී.මේ ආර්ථික සම්බාධක කුවේට් ආර්ථිකය දුර්වල කිරීමට හේතුවිය.
පලවන ලෝක යුද්ධය අවසාන වීමෙන් පසු 1919-1920 කාල සීමාවේදී සවුදි අරාබිය විසින් කුවේට්ය තම රාජ්‍යයට ඈඳා ගැනීමට කල උත්සාහයේදී නැවතත් යුද්ධයක් ඇති විය.බ්‍රිතාන්‍යය යුධ ආධාරද සහිතව කුවේට්ය යුධ වැදුනත් අති විශාල සවුදි සේනාවකට මුහුන දීම කල නොහැකි විය.යුද්ධය අවසන් වූයේ කුවේට් රටෙන් 2/3 පමන ප්‍රමානයක් සවුදි අරාබිය විසින් ගිවිසුම් පත්‍රයක් මගින් අත්පත් කර ගැනිමෙනි.මෙම ගිවිසුම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කලේ එවකට ඉරාකයේ බ්‍රිතාන්‍ය තානාපති Percy Cox මහතායි.
මෙම ගිවිසුමෙන් පසු කුවේටය ‘ශේක්‘ (අරාබි නායකයන් හදුන්වන නම) වරයෙකු යටතේ පාලනය වෙමින් බ්‍රිතාන්‍යයේ අනසකට යටත් විය.භූමිය අත්පත් කරගැනීමෙන් නොනැවතී සවුදිය විසින් දැඩි ආර්ථික සම්බාධක කුවේටයට එරෙහිව පැනවීය.1923 සිට 1937 දක්වා වසර 14 දැඩි ආර්ථික සම්බාධක වලට යටත් වූ කුවේටය 1937 වසරේම බ්‍රිතාන්‍යය හා එක්ව ඛණිජ තෙල් සොයාගැනීමට සමත් විය.නමුත් ඉන් පසුව ආරම්භ වූ දෙවන ලෝක යුද්ධය නිසා ඛණිජ තෙල් සම්පත ප්‍රයෝජනයට ගැනීමට 1951 වසර දක්වාම නොහැකි විය.1952 වසර වනවිට ගල්ෆ් කලාපයේ වැඩිම ඛණිජ තෙල් අපනයනකරු වීමට කුවේටයට හැකිවිය.කෙමෙන් කෙමෙන් ආර්ථිකය සවිමත් වන විට ස්වාධීනත්වය පිලිබඳව උනන්දු වූ කුවේට් ජාතිකයන් 1961 වසරේදී බ්‍රිතාන්‍යය රජයෙන් නිදහස ලබා ගත්තා.
ඛණිජ තෙල් අපනයනයෙන් ධනවත් රටක් වූ කුවේටයට නැවත වරක් දුෂ්කර කාලයක් උදාවන්නේ 1990 අගෝස්තු 2 දින ඉරාක ආක්‍රමණයත් සමගයි.එවර ඇමරිකා එක්සත් ජනපදය මැදිහත් වී 1991 පෙබරවාරි 26 දින ඉරාක ග්‍රහණයෙන් කුවේටය මුදාගත්තා.ඒ වනවිටත් ඉරාකය විසින් තෙල් ලිං 773 පමන ප්‍රමාණයක් ගිනි තබා විනාශ කිරීම කුවේට් ආර්ථිකයට වැදුන මරු පහරක් විය.
කෙසේ වෙතත් ඉහත සිද්ධීන් 2 මුල් කරගෙන සෑම වසරකම පෙබරවාරි 25 දින National Day ලෙසත් පෙබරවාරි 26 දින Liberation Day ලෙසත් මහත් අභිමානයෙන් සමරනු ලබනවා...
ඉතිහාසය පාඩම දැන් නවත්තමු..
මේ පෝස්ටුව කොටන වෙලාවෙත් අහස ගුගුරාගෙන ප්‍රහාරක යානා යන සද්දේ ඇහෙනවා.දැන් Kuwait City අග නගරයේ උත්සව ආරම්භ වෙලා ඇති...තව ටිකකින් මේ කොලුවටත් ගෙදර පිරිවර පටවගෙන අග නගරෙට යන්න වේවි.හයි වේ එකෙත් ගොලුබෙලි ගමනින් තමයි අද යන්න වෙන්නේ..ඒ මදිවට ලොකු පොඩි හැමෝගෙම අතේ තියෙන වතුර තුවක්කු,ෆෝම් ස්ප්‍රේ වලින් පහර කන්නත් වෙනවා..
මම නම් ඉතින් වීදුරුව වහගෙන යන නිසා බේරුනත් අනිත් උදවිය ලග පාත වාහන එක්ක වතුර සෙල්ලම ජයටම කරනවා...හැමෝම විනෝදයට කරන දෙයක් නිසා ගැටුම් නම් ඇති වෙන්නේ නෑ...ඒත් ඩ්‍රයිවර් කොලුවට වාහනේ වීදුරු හෝදන්න ගියාම තමයි කොලු ගැටව්ගේ අම්මලා මතක් වෙන්නේ...තෙල් සහිත ෆෝම් ස්ප්‍රේ පැල්ලම් ඉවත් කිරීම අපහසුයි...
..සමහර තරුණයන්ගේ මුලු වාහනයම ස්ටිකර් වලින් වහගෙන වින්ඩ්ස්ක්‍රීන් එක පවා...කුවේට් කොඩියෙන් හදපු ඇඳුම්,තොප්පි තමයි ඇඳගෙන යන්නේ..අග නගරයේ රාත්‍රිය පුරාම මල්වෙඩි සංදර්ශන...

තරුණියන්ද කළු ලෝගුව ඉවතා ලා සරල ඇඳුමෙන් සැරිසරන්නේ නිදහස් දිනයේ ලද නිදහස උපරිමව භුක්ති විඳිමින්..
ඉතින් ඔන්න ඔය විදියට තමයි මේ දින 2 කුවේට් ජාතිකයන් ගෙවන්නේ..
පින්තූර සියල්ල ගූගලෙන් හොයාගත්ත ඒවා..මේ කොලුවත් කැමරාව අරගෙන යන නිසා පින්තූර ගන්න ලැබුනොත් පසුව එකතු කරන්නම්...
විස්තර ලබාගත්තේ විකිපීඩියා අඩවියෙනි..
සැමටම සුබ දවසක්............
පසු සටහන.....
මම හිතාගෙන හිටිය විදියට පින්තූර ගන්න ඉඩක් ලැබුනේ නෑ..වාහනේ නවත්තලා කට්ටිය බැහැලා ගියාම පාර අයිනට වෙලා පින්තූර ටිකක් ගන්න හිතාගෙන හිටියේ.ඒත් වාහනේ නවත්ත ගන්න තැනක් වත් නැති නිසා බොසී ඇතුලු පිරිස වාහනේ ඉඳන්ම වතුර විදිමින් විනෝද වෙන අතරේ මම කට්ටියට හොරෙන් යන්තම් පොටෝ 2 ගත්තා..කට්ටිය පිටිපස්සේ ඉන්න නිසා තරුණියන්ට එහෙම කැමරාව මෑනුවේ නෑ..
කුවේට් අල්ලගෙන ඒ රටේ තෙල් ටැංකි වලට ගිනි තියලා පැනලා දුවපු සදාම්ට උනේ ඒ කරපු පාපේ පඩිසන් දීමද දන්නේ නෑ නේ..
ReplyDeleteසදාම් ඉරාකය ඇතුලේ කරපු අපරාදයි කුවේට් එකට කරපුවයි සේරගෙම ප්‍රතිඵලය තමයි ලැබෙන්න ඇත්තේ...සදාම්ව එල්ලපු දවසේ මෙහේ මිනිස්සු රතිඤ්ඤා පත්තු කරලා සතුටට..
Deleteකුවේටය ගැන නොදත් තොරතුරු රැසක් ස්තුතියි
ReplyDeleteස්තූතියි නලින් අයියා ඇවිදින් අදහස කියලා යනවට..
Deleteහොඳ තොරතුරු එකතුවක්.
ReplyDelete1990 - 91 කුවේට් යුද්ධය පිලිබඳ සජීව වාර්තා යුද හමුදා කඳවුරක සිට චන්ද්‍රිකා රූපවාහිනී මගින් නරඹන්නට මට හැකිවුනා.
තෙල් ළිං ගිනි තියපුවාම නිවන්නේ බෝම්බයක් වැනි පිපිරීම් උපක්‍රමයකින්. ඒකත් ලිපියක් ලියන්න තරම් වටින කතාවක්.
කුවේටයේ වර්තමාන ආර්ථික දේශපාලනික සහ සාමාජික තොරතුරුත් ඇතුලත් කරලා තවත් ලිපියක් ලියන්න.
ඒ ගැන ලිපියක් ලියන්නකො විචාරක තුමා
Deleteස්තූතියි විචාරක තුමා..මමත් කියවපු ලිපියක තිබුනා ජෙට් එංජින් භාවිතා කරලා වේගයෙන් ගිනි නිවන දේවල් ගින්නට හෙලපු ක්‍රමයක් ගැන...
Deleteඒ ලිපිය ලියන්න නම් සුදුසුම කෙනා තමයි විචාරක තුමා...
වර්තමාන කරුනු ගැනත් තොරතුරු ටිකක් එකතු කරගෙනම ලියන්නම්...
කුවේට් නිදහස.. අද එහෙනම් බලල ඇවිත් විස්තර එක්ක තව ලිපියක් දාන්න.
ReplyDeleteඉතිහාස විස්තර වලට ස්තුතියි.
වාහනේ ඉඳන්ම පොටෝ 2 ගත්තා චන්දන..පුදුම ට්‍රැෆික් එකක්...වාහනේ නවත්ත ගන්නවත් තැනක් නෑ...උඩ පින්තූරෙක තරුණියන්ට පිටිපස්සෙන් පේන කුවේට් ටවර් එක ලග නම් ලස්සන මල් වෙඩි සංදර්ශනයක් තිබුනා...
Deleteහොද විස්තරයක් මල්ලි.සදාම් කරපුවට ලැබුන ලෙසටම.
ReplyDeleteඔය ස්ප්‍රේ එක වෙන රටවල ක්‍රිස්මස් දා රෑට මල් වෙඩි සංදර්ශන වලදී තරුණ තරුණියන් හිම (snow) වගේ එකිනෙකාට ස්ප්‍රේ කර ගන්නව.එහි ඇලෙන ගතියක් නැහැ.නිකම් පිහල දැම්මම හරි.
පින්තුර දාන්න බලන්න ආසයි.
ස්තූතියි කෙන්ජි අයියා..
Deleteමේ පාර නම් ස්ප්‍රේ කරදරය තිබුනේ නෑ...තහනම් කරලා..අතරින් පතර කොල්ලෝ අතේ තිබුන ඒවත් පොලිසියෙන් ගත්තා...හැමෝගෙම අතේ වතුර තුවක්කු තමයි තිබුනේ..
පින්තූර ගන්න බහින්නවත් හම්බුනේ නෑ කෙන්ජි අයියා..
සබන් වතුර ටිකකින් පිහල දාන්න ඔය ස්ප්‍රේ එක ටක් ගාල යනව.විස්තරේ ලස්සනයි බොහොම ස්තූතියි.
ReplyDeleteමේ පාර ස්ප්‍රේ කරදරය තිබුනේ නෑ හැලපේ අයියා..ස්තූතියි ඔබටත්...
Deleteසදාම් හුසේන්ට නම් පල දුන්නෙ ඔය පවම තමා.
ReplyDeleteඔය ගෑණූදැරිවියන්ට එදාට ලැබෙන නිදහසම වටිනවා ඇති රටක් රාජ්ජයක්.
සදාම්ට නම් කරපු අපරාද වලට මෙලොවදීම විපාක හම්බුනා..
Deleteඔව්..මේ පාරත් දැක්කා සෑහෙන ගෑණුදැරිවියෝ පිරිසක් බොහෝම සතුටින් ඉන්නවා..
හොද විස්තරයක් .. කුවේට් ගැනත් දැනගත්තා ..
ReplyDeleteස්තූතියි ඔබටත්...ඔබ යමක් දැනගත්තා නම් මේ ලිපියෙන් සතුටුයි ඒ ගැන..
Deletethanks අයියේ ,,කුවේට් වලට ලංකාවෙන් දහස් ගානක් ගියත් ම් වගේ ලිපියක් ලියපු පලවෙනි කෙනා ඔයා වෙන්න ඇති.. ස්තුති,,
ReplyDeleteඔව් අපූර්වි අපේ රටේ විශාල පිරිසක් කුවේටයේ වැඩ කරනවා..
Deleteස්තූතියි ඔබටත්..
දෙසැම්බර් මාසේ කටාර් රාජ්‍යයේ නිදහස් දිනයත් තිබුන. ඔය වගේම තමයි. කටාර් වල ඉතිහාසයත් කුවේට් වල ඉතිහාසෙ වගේම තමයි. කුවේට් වල තාම තියෙන්නේ රාජාණ්ඩුවක්ද එතකොට.
ReplyDeleteශේක් කියන්නේ සිටුවරයා කියන එකට සමාන එකක් කියලයි මම නම් හිතුවේ. අපේ ගොවිපල අයිතිකාරයත් ශේක් කෙනෙක්.
ඔව් චමින්ද රජ කෙනෙක්ගේ පාලනයක් තමයි තියෙන්නේ...රජට කියන්නේ ‘එමීර්‘ (පාලකයා/අනදෙන්නා) කියලා...
Deleteශේක් කියන්නේ ගෝත්‍රයක නායකයාට..බ්‍රිතාන්‍යයට යටත් වෙනකොට මේ අයට ගෝත්‍රික නායකයෙක් තමයි ඉන්නේ..අද ඉන්නෙත් ඒ ගෝත්‍රික පරම්පරාවෙන් එන කෙනෙක්...එයාව හදුන්වන්නෙත්
කුවේට් පාලක ශේක්......
Emir of Kuwait Sheikh sabaha jabar.....
කටාර් රාජ්‍යයත් පාලනය වෙන්නෙ එමීර් කෙනෙක් යටතේ. අල් තානී කියන ශේක් පරම්පරාව තමයි මෙහෙ පාලනය කරන්නෙ. අපේ ලොක්කත් මේ රජ පරම්පරාවේ කෙනෙක්. වෙලාවක බ්ලොගේ ලියන්නම්කො අපේ ශේක් ගැන.මම මේ පරම්පරාව ගැන අන්තර්ජාලේ හොයනකොට තමයි ඔය ශේක් කියන්නෙ සිටුවරයා කියන එකට සමාන දෙයක් කියන අදහස ලැබුනේ. මේ අල්-තානි වරුන්ට ශේක් පදවිය ලැබුනේ වෙලදාමෙන් ඔවුන් ලබාගෙන තිබ්බ ධනය නිසා කියල විකිපීඩියාවෙ සදහන් වෙලා තිබුනා
Deleteනිදහස සමරන විදිහනම් අපූරුයි..
ReplyDeleteඔව්..මේ දවස් දෙකේ සේරමලා වගේ අගනුවරට එකතු වෙනවා විනෝද වෙන්න...ස්තූතියි දිනේෂ්...
Delete/////තරුණියන්ද කළු ලෝගුව ඉවතා ලා සරල ඇඳුමෙන් සැරිසරන්නේ නිදහස් දිනයේ ලද නිදහස උපරිමව භුක්ති විඳිමින්..///
ReplyDeleteඒ කියන්නෙ නියම නිදහස තවම ලැබිල නෑ.
තෙල් ලිං ගිනිතැබීම නං ලෝක අපරාධයක්. කොතන තිබුනත් ලෝකයේම මිනිස්සුන්ට ප්‍රයෝජනයට ගන්න පුළුවන් දෙයක් නෙව. නමුත් සදාම් අන්නැහේට දිට්ඨදම්ම වේදනීය පඩිසන් දුන්න නෙව
මේ කාන්තාවෝ එලිමහනෙදි වතුර ටිකක් බොන්න විඳින වදය දැක්කාම මොකටද මෙහෙම ජිවිතයක් කියලා හිතෙනවා...
Deleteයුද්ධය ඇතිවුනෙත් ඉරාකයට වඩා කුවේටය තෙල් නිෂ්පාදනය කල එකෙන්, ඒ තරහටත් එක්කම තමයි ගිනි තියන්න ඇත්තේ..අන්තිමට විපාක හම්බුනා මෙලොවදීම..
ම්ම්ම්ම්ම් ..නියම විස්තරයක්
ReplyDeleteස්තූතියි සහෝ.....දිගටම එන්න මේ පැත්තේ..
Deleteයකෝ කොහොම හරි කැමරාව හරවලා ගන්න තිබුනනේ උබට ...අපිඅ අසාකරන පොටෝ කැලි දෙක තුනක්
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා මැලේ රාළව....
Deleteවාහනේ නවත්තලා කට්ටිය බැහැලා ගියානම් සුන්දර දසුන් ටිකක් ගන්න තිබුනා...ඒත් අතුරු පාරකවත් ඉඩක් තිබුනේ නෑ නවත්තගන්න...
කුවේටයේ නිදහස් උත්සවය ගැන ඇහුවමයි මේ...
ReplyDeleteරටට නිදහස හම්බ උනත් නිදහසක් නැති ගෑණු.... පව්... ඇති ඔහොම දවසකවත් පුංචි නිදහසක් භුක්ති විඳින්න ඉඩ දෙනවා...
සාදරයෙන් පිලිගන්නවා ඔබව මියුරු...
ReplyDeleteසවුදි අරාබිය,ඉරානය වගේ දැඩි මතධාරී රටවලට වඩා නම් තරමක් නිදහසක් මේ අයට තියෙනවා..
කුවේට් වලට ගැහුවම උන් දුවන් අවෙ බහරේන් වලට. ඒ කාලෙ මෙහෙ පිරිල ගිහින් තිබ්බලු. වටිනව තමන් ඉන්න රටේ දේවල් මෙහෙම බෙදා ගත්තු එක. ස්තූතියි!
ReplyDeleteඉතාමත් සාදරයෙන් පිලිගන්නවා ඔබව.. මේ මිනිස්සු බහරේන් ගැන බොහෝම ඉහලින් කතා කරන්නේ ඒ නිසා වෙන්න ඇති...ස්තූතියි ඔබටත්...
ReplyDeleteකලින් දැනන් හිටියේ නැහැ කූවේටය ගැන මෙහෙම දෙවල්. මගේත් යාළුවෙක් ඔහෙ ඉන්නව :)
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා බඩීව...කුවේට් ගැන මොනවම හරි දෙයක් දැනගත්තා නම් ඒක මට සතුටුයි....යාලුවා ඉන්න ප්‍රදේශය ගැන මොකුත් දන්නවද?
Delete