ශීතල කාලය ඇති වෙන්නේ ඇයි කියලා හොයන්න ගිය මට හම්බුනේ ඔන්න ඔය වගේ කරුණු ටිකක් තමා.ඉතින් ඇයි ශීතල කාලය ගැන හොයන්නේ...
...ශීතල කාලයට ටෙන්ට් ගහන නිසා....
නෑ..නෑ..ඒ ටෙන්ට් එක නෙමේ මෙන්න මේ ටෙන්ට් එක ගැනයි කියන්න හදන්නේ..
කට්ටියම දැනටමත් දන්නවනේ මම මැදපෙරදිග රටක ඩ්‍රයිවර් කොල්ලෙක් කියලා.මම ඉන්නේ කුවේට් රටේ.මට තියෙන රාජකාරිය ඉතින් බොසාගේ බිරිඳ බොසී සහ ළමයින් තුන්දෙනාගේ ප්‍රවාහන අවශ්‍යතා ඉටු කරන එක තමයි.
ශීත කාලය සඳහා ලබා දෙන පාසල් නිවාඩුව කුවේට් ජාතිකයන් බොහොමයක් ගත කරන්නේ කාන්තාරයේ.මේ විදියට කාන්තාරයේ කූඩාරම් තුල ගත කරන්නේ ඔවුන්ගේ අතීත මුතුන් මිත්තන් බැටලුවන්,ඔටුවන් ඇති කරමින් ගත කල එඬේර දිවි පෙවත සිහි කිරීම සඳහායි.අතීත කුවේට් ජාතිකයන්ගේ ජීවනෝපාය වෙලා තියෙන්නේ එඬේර කර්මාන්තය හා ධීවර කර්මාන්තයයි.පාසැල් තාප්ප පුරා ඇඳි සිතුවම් හා ආයතන තුල තබා ඇති අනුරූ වලින්ද නිරූපනය වන්නේ මෙම කර්මාන්ත ගැනය.
උඩ පින්තූරයේ තියෙන ආකාරයට කූඩාරම සකස් කරගන්න පැයක් වගේ කාලයකින් පුලුවන්.වහලය කොටස බිම තියලා, වටේට කූඤ්ඤ ගහලා, ලනු ටික ඇදලා, ඇතුලට රිංඟලා, මැද කනුව උස්සන එක තමයි මුලින්ම කරන්නේ.ඊට පස්සේ පැති 4 සම්බන්ධ කරලා කූඩාරම වටේට, රෙදි බිත්තිය ලගින්ම වැලි වැටියක් දානවා.
ගොඩක් වෙලාවට නෑදෑ පිරිසේ හැමෝම එකම තැනක කූඩාරම් සකස් කරනවා.මේ විදියේ සංවෘත කූඩාරම් අවශ්‍යය වන්නේ නිදා ගැනීම,ඇඳුම් මාරු කිරීම වගේ දේවල් වලට.අනිත් වෙලාවට හැමෝටම එකතු වෙලා සතුටු සාමිච්චියේ යෙදෙන්න විවෘත ලොකු කූඩාරමක් හදනවා.මේ විදියට විවෘත කූඩාරම් දෙකක් සකස් කරනවා කාන්තාවන්ට හා පිරිමින්ට වෙන වෙනම.පහත තියෙන්නේ පිරිමි කූඩාරමක්.ඩ්‍රයිවර් කොලුවා උදෙන්ම එලියට එන්න දොර ඇරපු ගමන්.අනිකුත් සගයන් අවදි වුනාට පසු ඉදිරිපස සම්පූර්නයෙන් විවෘත කරනවා.
පිරිමි කූඩාරම නම් වැඩි අරුමෝසම් නැතුව සරලව තමයි සකස් කරන්නේ.ගොඩක් පිරිමි කූඩාරම ඇතුලට වෙලා තේ බොන එක තමයි කරන්නේ.ඒ එක්කම රටඉඳි සමග ‘ගහුවා‘ කියන අරාබි කෝපිත් බොනවා.ගහුවා කියන්නේ කරදමුංගු හා තවත් කුලු බඩු කීපයක් කොටා සකස් කරගත්තු පානයක්.විශාල පිරිසක් එකතු වෙන තැනක නම් මේ ගහුවා පිලිගැන්වීම සඳහාම වෙනම පුද්ගලයෙක් සිටිනවා.ගහුවා පිලිගැන්වීමේදී වම් අතට පෝච්චියත් දකුනු අතට කුඩා කෝප්පයත් හිටින විදියට අල්ලා ගෙන කෝප්පයේ භාගයක් පමන වත් කර තමයි පිලිගන්වන්නේ.ගහුවා බොන කෙනා තමන්ට ඇති තරම් වාර ගණනක් බීලා කෝප්පය දෙපැත්තට හොලවනවා.ඒ විදියට තමයි දැන් ඇති කියන්නේ.රට ඉඳියි ගහුවයි බීපුවාම පුරුෂ ශක්තිය වැඩි වෙනවයි කියන හින්දම මමත් ලැබෙන හැම වෙලේම ඕක බොනවා.ඒත් ඉතින් ශක්තිය පරීක්ෂා කරගන්න විදියක් තමා නැත්තේ.
![]() |
ජාලයෙන් ගත් පිංතූරයකි. |
තේ,කෝපි වලට අමතරව දුම් බොන අයට ‘ශීෂා‘ බොන්නත් පුලුවන්.මේ ඉන්නේ මගේ ඉන්දියන් යාලුවෙක්
පොටෝ එකට විතරක් ශීෂා බොන ගමන්.උඩම තියෙන මැටි කෝප්පෙට තරමක් ලොකු කෑලි විදියට තියෙන දුම්කොල පුරවනවා.ඒ දුම්කොල වලට උඩින් රත් කරපු අඟුරු කැට කීපයක් තියලා බටේ උරන්නයි තියෙන්නේ.යකඩ බටේ දිගේ පහලට එන දුම පහල තියෙන වතුර භාජනේ ඇතුලටත් ගිහින් තමයි එලියට එන්නේ.බලාගෙන ඉන්න කොට නම් හිතෙන්නේ තරමක ආයාසයෙන් දුම් බොන ක්‍රමයක් කියලා.ඩ්‍රයිවර් කොල්ලා ශීෂා බීලා නැති නිසා ඒ ගැන නම් කියන්න දන්නේ නැත.කාන්තා කූඩාරමක පොටෝවක් නම් ගන්න ලැබුනේ නෑ.ඒ ප්‍රදේශය පිටස්තර පිරිමි වෙච්ච අපිට තහනම් කලාපයක්.අනිත් වෙලාවට ගෝනි බිල්ලෝ වගේ ඉන්න කාන්තාවන් මේ වෙලාවට සරල සැහැල්ලු ඇඳුමෙන් මූනු ආවරන එහෙම අයින් කරලයි ඉන්නේ.තදින් හුලං තියෙන වෙලාවට සැටලයිට් ඩිස්ක් පොඩ්ඩක් හරි හෙලවුනොත් ටීවී චැනල් වැඩ කරන්නේ නැති නිසා මේ කොලුවට නිතරම කාන්තා කූඩාරමට යන්න වෙනවා තැටිය හරි තැන තියන්න.බොසීගේ නෑදෑ පිරිස හැමෝම දන්න නිසාත් පරනම ඩ්‍රයිවර් නිසාත් තමයි ඒ අවස්ථාව මට ලැබිලා තියෙන්නේ.කාන්තා සේවිකාවන්ගේ කූඩාරම සහ මුලුතැන්ගෙය තියෙන්නෙත් මෙයට යාබදවයි.
මේ විදියට එකතු වෙන පවුල් වල ඉන්න පිරිමි පාර්ශවය ඒ ඒ වයස් මට්ටම් වල හැටියට තම තමන්ගේ විනෝදාංශ තෝරාගන්නවා.පොඩි ගැටවු පාපන්දු ගැසීම,රෝද හතරේ සයිකල් පැදීම කරද්දී තරුන ගැටවු කුරුල්ලන් දඩයම් කිරීම,වාහනයේ ෆෝ වීල් පහසුකමෙන් කඳු පල්ලම් තරණය කරනවා.
ඩ්‍රයිවර් කොල්ලා නම් මේක උස්ස ගෙන ඉන්නේ පොටෝවට විතරයි.සතෙකුට වුනත් ගිනි බිඳින්න හිතක් නෑ.(හුලං බිඳින්න ද මන්දා....වායු රයිපලයක් නිසා)
ශීතල කාලයට විතරක් කාන්තාරයට එන අය තමන්ගේම කූඩාරම් වගේම සකස් කල කූඩාරම් කුලියටද ගන්නවා.ඔටුවන්,බැටලුවන්,එළුවන්,කුකුලන්,පරවියන් ඇති කරන අය ග්‍රීස්ම කාලයටද කාන්තාරයට එන නිසා ඔවුන් ස්ථිරව තහඩු වලින් හදාගත් කුඩා නිවාස භාවිතා කරනවා.
මේ විදියට ඇති කරන සතුන් බලාගෙන ඔවුන්ට කෑම,වතුර ලබාදෙන්න පුද්ගලයෙක් සිටිනවා.බොහෝ තැන් වල ඉන්නේ ඉතියෝපියා ජාතිකයෙක් හරි බංග්ලාදේශ ජාතිකයෙක් තමයි.මේ ගොපලු රැකියාව නම් බොහොම දුෂ්කර එකක්.ශීතල කාලයේ විටින් විට වැස්ස ඇතිවන නිසා කාන්තාරය පුරාම ලා දලු තණ පත් හටගන්නවා.ඔටුවන්,බැටලුවන් මේ තණ පත් කමින් බොහෝ දුර යන අතර ගොපල්ලාද ඔවුන් පස්සෙන් අධික ශීතලේ යා යුතු වෙනවා.
අධික ශීතල,දිය නෑමට උනු වතුර නැති වීම නිසා කාන්තාර කාල සීමාව ඩ්‍රයිවර් කොල්ලාට නම් අප්‍රසන්නම කාලයක්.අනික් හේතුව තමයි ඩොංගලයට සිග්නල් නැති වීම.බ්ලොග් බලන්න නැති වීම ලොකුම පාඩුවක්.යන දවසේ පටන් ගත්තු පෝස්ට් එක දවස් 6 පස්සේ අද ඉවර කරන්න වුනෙත් ඒ නිසයි.කොහොම වුනත් අපිට පුද්ගලිකව සිද්ධ වෙන අපහසුතා වලට වඩා රැකියාවට මුල් තැන දෙන්න ඕනේ නිසා හැම දෙයක්ම ඉවසා ගන්න පුලුවන් වුනා...
මගේ පුංචි කැමරාවෙන් ගත් තවත් පින්තූර කීපයක් පහතින්...
උදෑසන 1...
උදෑසන 2...
උදෑසන 3...
කාන්තාරයේ නෞකාව....
මට එපාම කරපු තැන...
මගේ වංඩිය....
පේනවනේ යායට තියෙන කූඩාරම් ගොඩ...
තනිකම...
ගන්ඩ ගන්ඩ අයියා මගේත් පොටෝ කෑල්ලක්..
ඕනේ තැනකට ඔට්ටුයි....
සුභ දවසක් සැමටම....
පින්තුර ටික නම් පංකාදුයි. පලවෙනි පින්තුරෙයි, තනිකම කියන පින්තුරෙයි විශිෂ්ටයි. කටාර් වලත් සිත කලේ කාන්තාරේ පුරා කුඩාරම්. සමාගම් වල වැඩ කරන අපිට නම් ඉතින් ඔය වගේ අත්දැකීම් ලැබෙන්නේ නෑ නේ. අපි ඉතින් උදේට ගහන කුඩාරම විතරයි. මෙහෙ නම් ඔය ඔටුවෝ බලාගන්න එක ඉතියෝපියන් අයට වඩා සුඩාන් කාරයෝ ඉන්නවා කියලයි මං හිතන්නේ. සිත කාලෙට වඩා ගිනි ගහන රස්නේ කාලෙට උන ඔය කාන්තාරේ කුඩාරම් වලට වෙලා කොහොම ඉන්නවද කියලයි මම කල්පනා කලේ.
ReplyDeleteස්තූතියි චමින්ද, යන යන තැන අරන් යන පුංචි කැමරාවක් තියෙනවා.පොටෝග්‍රැපි ගැන ගොඩක් උනන්දුයි මම.ජාලෙන්ම හොයාගෙන ටික ටික ඉගෙන ගන්නවා....සීතලට නම් ඇඳුම් 3,4 ඇඳලා හරි බේරෙන්න පුලුවන්.ඒත් රස්නෙ කාලෙට..ඒ මිනිස්සු හුරු වෙලාම ගානක් නැතුව ඇති..
ReplyDelete//ශීත කාලය සඳහා ලබා දෙන පාසල් නිවාඩුව කුවේට් ජාතිකයන් බොහොමයක් ගත කරන්නේ කාන්තාරයේ.// ඒ කියන්නෙ සෑහෙන කාලයක් ඉන්නව කියන එකනෙ. එතකොට වතුර, වැසිකිලි පහසුකම්, එහෙම කොහොමද සපයා ගන්නෙ..? එක පින්තූරෙක නම් (මට එපාම කරපු තැන...) වතුර ටැංකි වගෙ දෙයක් පේන්න තියනව. තියන තැනකින් ගෙනල්ල පුරවනව ද ?
Deleteපුරුෂ ශක්තිය පරීක්ෂා කරන්න යනව නම් හෙම, පරිස්සමින් කොල්ලො.. :D
‘ශීෂා‘ බොන ක්‍රමයට සමාන ක්‍රමයකින් ගංජා ගහන්න පුලුවන් මං හිතන්නෙ. පොල් ගෙඩියක් ඇතුලෙන් බටයක් දාල මොකක්ද කරන්නෙ. හරියටම දන්නෙ නෑ.
(අනෙක් සින්ඩි වලටත් දා ගන්න ට්‍රයි එකක් දීපන් මේ බොලොග්ගෙ)
ඔව් චන්දන දවස් 15 විතර කාන්තාරේ ඉන්නවා.දවස් 4 විතර සැරයක් ගෙදර ඇවිත් නාලා යනවා.තාවකාලික වැසිකිලි හදාගන්නවා තහඩු වලින්.තව එතකොට වතුර ටැංකි ගෙනත් තියාගෙන බවුසර් වලින් ගෙනත් පුරවනවා...
Deleteතමන් හිසට තම අතමය සෙවනැල්ල කියලා හිතාගෙන පරීක්ෂා කොර ගන්නවා...:D
මේකෙනුත් ගංජා ගහන්න පුලුවන් පේන හැටියට නම්..
ස්තූතියි චන්දන නිතරම ඇවිත් මොනවම හරි උපදෙසක් දීලා යනවාට..
උඩ කමෙන්ට් එක රිප්ලයි එකක් විදිහට වැටුනෙ වැරදීමකින්. මගෙ අතින් Reply බටං එක එබිල. :)
ReplyDeleteකමක් නෑ චන්දන..මොන විදියකින් හරි ඔබලාගේ අදහස ඉදිරිපත් කරන එක මට ශක්තියක්..
Deleteහොද විස්තරයක් මල්ලි..
ReplyDeleteමම දැනගෙන හිටිය නැති කරුණු ටිකක්.
හැකි වෙලාවට ලියන්න
මම අපේ මාතලන් ලොක්කට ඊයක් විද්ද මේ බොගත් සිංන්ඩියේ එල්ලන්න කියා.
ස්තූතියි කෙන්ජි මේ පැත්තේ ආවාට..ඔබලාගේ මේ වචන හිතට ලොකු ගැම්මක් තව දේවල් ලියන්න..
Deleteඋඹේ ලිවිල්ල රහයි.. පොටෝ ඇල්ලිලෙත් කළාත්මක බවක් තියෙනවා.. පොටෝග්‍රෑෆී ගැන පොඩ්ඩක් හදාරපන්.. ජාලෙන්ම කරන්න පුළුවන් තනියම..
ReplyDeleteමට හරි සතුටුයි.. මගේ පාඩම නිසා එකෙක් හරි බොගක් දාන එක ගැන.. ජයම වේවා...
ස්තූතියි සෑර්..මම බාන තරමක් බාන්නේ පොටෝග්‍රැපි ගැන pdf.ලංකාවෙදී ස්ටුඩියෝ එකක වැඩ කලා නිසා තමයි පොටෝ අල්ලන්න ආසාව ඇති වුනේ..
Deleteබොග පාඩම් සරලයි පහසුයි..ඉදිරි පාඩම් ටිකත් එනතුරු බලා සිටිමි...
ජීවිත අත්දැකීම් ගැන ලියවුන බොහොම හොඳ ලිපියක්. ඒ වගේම පින්තූරත් ඉතා දක්ෂ කැමරා හැසිරවීමක ප්‍රතිඵලයක්.
ReplyDeleteඔබ පාවිච්චි කරලා තියෙන්නේ ස්ප්‍රින් පිස්ටන් ක්‍රමයට ක්‍රියාකරන වායු රයිෆලයක්. නිවැරදි ඉරියව්වෙන් එය අල්ලාගෙන ඉන්න බවත් කියන්න ඕනේ. ගෙදර එනකොට ඒ වගේ එකක් අරන් එන්න. (මෙහෙදී බලපත්‍ර අවශ්‍ය නැහැ) ඒ වගේම වටිනවා ඒ රයිඵලයට සවිකර තිබෙන දුරදක්නයද සහිතව ගේන්න පුළුවන් නම්. මොකද ඒ දෙකම මෙහෙ ඉතා මිල අධිකයි.
බොහෝම ස්තූතියි විචාරක මහත්තයා මේ පැත්තේ ආවාට.විචාරක ලිපි සේරම වගේ බලලා තියෙන්නේ..
Deleteපලමු වරට රයිෆලයක් අතට ගත්ත ගමන් නිවැරදිව අල්ල ගෙන ඉන්නවානම් එකේ ගෞරවයත් ඔබට තමයි හිමිවෙන්න ඕනේ....දීපු අදහස නම් හොඳයි..ලංකාවට එන දවසක බලමු..
එළ පොටෝ ටික!
ReplyDeleteදුලාගේ අඩවිය ලියන දුලා
ස්තූතියි දුලා...ලින්ක් එක දිගේ එන්නම් ඇවිත් යන්න..
ReplyDeleteලංකාවෙන් එලියට පය ගහලා නැති මම නම් ඔහොම පිට රටවල සාමාන්‍ය ජන ජීවිතය ගැන දැනගන්න පුදුම ආසයි.
ReplyDeleteෆොටෝස් ටිකත් ෆට්ට.
ස්තූතියි ප්‍රියා මේ පැත්තේ ආවාට..මෙහෙ ජීවිතය ගැන අහන දකින හැමදේම ලියනවා..
Deleteහොඳට ලියන්න පුළුවන්කම තියෙන බව පේනවා බ්ලොග් රෝලෙත් දාගන්නං,දිගටම ලියන්න ජය.
ReplyDeleteබොහෝම ස්තූතියි..හැලප කඩේටත් ගොඩ වැදුනා..ඔබලා ලබා දෙන සහයෝගය තමා මගේ ශක්තිය...
Deleteඔන්න එහෙනම් අපිත් ආව..කොලුවගෙ බ්ලොගට ජොයින් වෙන්න බැහැනෙ..පොඩ්ඩක් බලාපන් ඇයි කියල..
ReplyDeleteබොහෝම සතුටුයි අසල්වාසියෙකුත් මේ පැත්තේ ආවාට..මමත් වේයන්ගොඩට කිට්ටුව තමයි...ෆලෝවර් ගැජට් එක අයින් කරලා ආයෙමත් දැම්මා දැන් බලන්න...
Deleteහහ්හා පට්ට විස්තරේ... වගෙම පොටෝ ටිකත් මැක්ස..
ReplyDeleteමේ වගේ නොදන්න ජීවිත ගැන කරන එළිදරව්වට ගොඩක් ස්තූතියි..
ඔය ශිෂා නං ලංකාවටත් බෝවෙලා... හුගක්ම මැදපෙරදිග ගිහින් ආව ලංකාවෙ උං තමා කරන්නෙ... උං නංඕකට වෙන මොකක් හරි නමක් කියනව... ඒ විතරක් නෙමේ දුංකල වෙනුවට ත්‍රෛෙලා්ක විජයාපත්‍රත් කලවං වෙනව කියල තමා මට නං මතක
බ්ලොගට ජොයින් වෙන්න බෑ.එරර් එකක් එනවපොඩ්ඩක් බලන්න..
Deleteස්තූතියි මහේෂ් මේ පැත්තේ ආවාට...පොටෝග්‍රැපි වලට ආසා නිසාම යන යන තැන අරන් යන පුංචි කැමරාවෙන් ගත්තුවා..මේ ශීෂා බොන එකක් තියෙනවා නම් කාටවත් අහු නොවෙන්න තෛලෝක විජයපත්‍රත් පාවිච්චි කරන්න පුලුවන්...
Deleteදැන් බලන්න මහේෂ්..ගැජට් එක අයින් කරලා ආයෙත් දැම්මා..
ඔය අනං මනං ජාති බීලා එව්වෑ පවර් ටෙස්ට් කොරන්න අර ඔටුවෝ ඉන්න පැත්තේ එහෙම කරක් ගහනවා නෙවෙයි ඕං...
ReplyDeleteහහ්හා...ඒකට ඉතින් ඔටුවා ලග හිටවන්න කෙනෙකුත් එපායෑ...ස්තූතියි ගොඩ වැදුනාට...
Deleteනියමයි ඩ්‍රයිවර් අයියේ .. හොද විස්තරයක් , වගේම ෆොටෝ ටික නියමයි ඉදගෙන
ReplyDeleteස්තූතියි ඔමා මේ පැත්තේ ආවාට...ඒ වගේම නොදන්න දෙයකදී ලබා දෙන උදව් ගොඩක් වටිනවා...
ReplyDeleteමාතලන් සින්ඩියේ ෆොටෝ එකට සින්ඩියේ ලින්ක් එක දාන්න ,ඔයා දාලා නැහැ. ක්ලික් කලාම කෙලින්ම එතනට යනවා එතකොට
Deleteතැන්කූ ඔමා පෙන්නලා දුන්නට...දැන් හරි..ලින්ක් එක දාලා තියෙන්නේ..
Deleteකාළෙකට ඉස්සර හුරු පුරුදු පළාතක් ආයෙත් ඒ පැත්තේ ගියා වගේම දැනෙන තරමේ විස්තරයක් , ඊටම ගැලපෙන පිංතූර ටික , කදිමයි , දිගටම ලියන්න , මුළු ලෝකෙම තිබෙන රස දැනුම දැන් සිංහල බ්ලොග් පරිශ්‍රෙය් එක්වෙලා තිබෙන එක සතුටක් .
ReplyDeleteඔබ දක්ෂයෙක් ලියන්නට පමණක් නොවේ , සුන්දර දේ ඇසට යොමු කරගන්නටත්
බොහෝම ස්තූතියි මහේෂ් මේ පැත්තේ ගොඩ වැදුනාට..මහේෂ් කොහේද හිටියේ කුවේට් වල..ඇගයීම ගැන ස්තූතියි..
ReplyDeleteටෙන්ට් කිව්වම මුලින්ම හිතුන දේට වඩා බුද්ධියට වැදගත් යමක් ඔබ ලබා දීලා තියෙනවා. අපි නොදුටු දෙයක් ගැන මේ වගේ විස්තරයක් ලැබෙන එක ඉතාම වටිනවා. ඒ වගේමයි ඔබේ ලියවිල්ලත්. බොහොම වටිනවා. දිගටම කරගෙන යන්න. පුංචි දෙයක් ගැන හරි ලියන්න. අපි මැද පෙරදිග ගැන දන්නේ බොහොම ස්වල්පව.
ReplyDeleteබොහෝම ස්තූතියි සුදීක...මේ මිනිස්සු තව සෑහෙන දේවල් තියෙනවා ලියන්න..හැමදේම පුලුවන් විදියට ඉදිරියේදී ලියන්නම්...
ReplyDeleteශීෂා මාත් බීල තියනව. අමාරුයි කියල හිතුනට අමාරු නෑ:-)
ReplyDeleteඋඹේ බ්ලොග් එක නියමයි බං. මම කැමතිම ජාතියෙ එකක්. පිටරටවල ඉන්න උදවිය ඒ රටවල සංස්කෘතික සමාජීය දේශපාලන තොරතුරු ලියනව නං බොහොම හොඳයි. මේ වගේ දේවල් කියවන්න ලැබෙන්නෙ පත්තරේක තියන පොඩි කොලම් වලින් විතරයි. බ්ලොග් අවකාශයේ ඒ අඩුව උඹෙන් වත් සම්පූර්ණ වෙනව නං හොඳයි. දිගටම ලියපං මම බ්ලොග් රෝලටත් දාගන්නං
බලාගෙන ඉන්න කොට හිතෙන්නේ දිග බටයක් දිගේ ඇදලා ගන්න නිසා වැඩේ අමාරු ඇති කියලයි...:-)
ReplyDeleteබොහෝම ස්තූතියි රාජ්...මෙහෙම කියනකොට තොරතුරු හොයාගෙන ලියන්න ලොකු ආසාවක් හයියක් ඇති වෙනවා...එදිනෙදා ජීවිතයේ පවා සෑහෙන වෙනස්කම් තියෙනවා ඒ දේවලුත් ලියන්නම්...