Friday 7 March 2014

කවදාද ආයේ එන්නේ...

                  ‘‘අයියේ පෙට්ටියට යකඩ පටිත් ගහනවා නේද?‘‘

                   ‘‘ඔව්..ඔව්..මල්ලි යාඩ් එකට ගෙනිහින් පෙට්ටිවලට යකඩ පටි ගහනවා..‘‘

මහා ලොකු වටිනාකමක් ඇති දේවල් නැති වුනත් මාස කීපයක් තිස්සේ එකතු කල බඩු ටික ලෑලි පෙට්ටියකට දාලා කාගෝ එකට භාර දුන්නා..දවස් 25 යනවා බඩු ටික කොළඹට යන්න..ඒත් කමක් නෑ සිංහල අවුරුද්දට කලින් ගන්න පුලුවන් වෙයිනේ කියලා හිත හදාගත්තා..        

                                           තව ඉතුරු වෙලා තිබුන ටොපි,චොකලට්,බිස්කට්,පෑන් පැන්සල් ටිකත් ට්‍රැවලින් බෑග් එකට අඩුක් කලාට පස්සේ කාමරේ හිස් වෙලා පාළුවට ගියා වගේ වුනා..තව පැය කීපයකින් මම කුවේට් අන්තර්ජාතික ගුවන්තොටුපලෙන් මව්බිම බලා පිටත් වෙනවා..ඒ ගැන මතක් වෙද්දිත් පුදුම සතුටක් හිතට දැනෙන්නේ...ඒත් හිත පෑරෙනවා මම හිතුවෙවත් නැති මිනිස්සු ඇවිත් කඳුළු පුරෝගෙන බදාගෙන සුභ ගමන් කියන කොට...ඒ සේරම බංග්ලාදේශ,ඉන්දියාවෙ යාලුවෝ..මේ හැම කෙනෙක්ම ස්මාට් පෝන් අරගෙන කිසිම දෙයක් නොදැන මා ගාවට අරගෙන ආවාම ෆේස්බුක්,වට්ස්අප්,වයිබර් වගේ සොෆ්ට්වෙයාර් දාලා දීලා තව ඉතින් ඔය අර ජාතියේ සයිට් කීපයකුත් බුක් මාක් කරලා දෙනවා..වෙලාව අවේලාව නොබලා මේ මිනිස්සු ආවත් මම කවදාවත් අකමැත්තක් පෙන්නන් නැතුව වැඩේ කරලා දෙන බව උන් දන්නවා..ඒ වගේම මම හැමෝ එක්කම සුහදව හිනා වෙලා කතා කරලා ඉන්න නිසාම බහුතරයක් වුන ‘බංගලි‘ හා ‘හින්දි‘ අතරේ හිටපු මේ ‘සිලානි‘ ට තැනක් තිබුනා...

                          ලගින් ඇසුරු කල මේ මිත්‍රයන් වගේම සයිබරය තුලින් දැන හඳුනා ගත් ඔබ සැමගෙනුත් ටික දිනකට වෙන් වෙන්න සිදුවීම හිතට දුකක්...හැකි ඉක්මනින් ජාල පහසුකමක් සපයාගෙන ඔබත් එක්ක නැවත දොඩමළු වෙන්න එන්නම්...යන යන තැන අරන් යන පුංචි කැමරාවෙන් ගත් කුවේට් මතක සැමරුම් කීපයක් ඔබ වෙත...................



මේ තියෙන්නේ ‘බාලොලි මල්‘ නේද?


සැල්මියා බීච් පාර්ක්..


                                   
සැල්මියා බීච් පාර්ක්....


       
                             
Add caption




කුවේට් පාර්ලිමේන්තුව...


         
නිදහස ලදිමි....
                                                               

නොදැමුනු ජීවිත දැවූ වාහන..


තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි....


දිනක හිරු බැස යන වෙලාවක...



ගිහින් එන්නම්..................
ඔබ සැමට සුබ දවසක්.......


































                     

29 comments:

  1. සුභ ගමන් සොයුර ඔබට......!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජයියා..දැන් නම් ඉතින් ගෙදර ඉන්නේ...

      Delete
  2. ෆොටෝස් ටික නම් එළ. විශේෂෙන්ම අර කුරුල්ලන් ගෙ එක.

    සුභ ගමන් මචෝ.…!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ ප්‍රියා...මම ඉතින් යන යන තැන කැමරාව අරන් යන නිසා දකින දකින දේ ගන්නවා...
      දැන් නම් ගෙදර ඇවිත් ඉන්නේ...

      Delete
  3. කාලෙකට පස්සෙ ගෙදර එනව කියන්නෙ, ආයෙ මොනවද ඉතින්... අපිටත් සන්තෝෂයි !

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන දැන් නම් ගෙදර ඉන්නේ...මම පාන්දර ගෙදර ඇවිත් දොරට තට්ටු කලාම අම්මට හිතාගන්න බෑ..

      Delete
  4. පරිස්සමට ගෙහුන් වරෙං ලොක්කා.. බොලාට මේ උලව් ඩැයිබර් කනුයි.. ස්ටෝර් කීපර් වැඩයි නෙවෙයි හරියන්නේ පොටෝ ඇල්ලිල්ල.. ඒක මරුවටම පිහිටලා තියෙනවා...

    ReplyDelete
    Replies
    1. තැන්කූ මාරේ...මම ස්ටුඩියෝ එකක කාලයක් වැඩ කලානේ..එතෙන්දී තමයි කැමැත්ත ඇති වුනේ....

      කෙන්ජයියා මාරේ මම ගැන දන්නවා ඒ කාලේ ඉඳන්ම...

      Delete
  5. එහෙනං අර ටොපි චොකලට් වලින් කෑල්ලක් වත් හම්බ වෙයි නේද අපිටත්?

    ReplyDelete
    Replies
    1. හරි හරි...දෙන්නම්කෝ...ගෙනාපු ටිකනම් දැනටමත් ඉවරයි...බඩු පෙට්ටිය තාම ආවේ නෑ..එතකොට දෙන්නම්...

      Delete
  6. සුබ ගමන් කියල කියන්නෙ චුට්ටි ඉරිසියාවකුත් එක්කයි.

    ReplyDelete
    Replies
    1. ස්තූති හැලප අයියේ..කාට වුනත් තමන් උපන් රටට එන්න තියෙනවනම් ඊට වඩා දෙයක් නෑනේ..

      Delete
  7. සුබ ගමන් අයියේ... මාත් බඩු පැක් කරන ගමන් ,,

    ReplyDelete
    Replies
    1. ස්තූති නගේ...මේ වෙනකොට අපූර්විත් ලංකාවට ඇවිත් ඇති...

      Delete
  8. සුභ ගමන් මිත්‍රයා.. පරිස්සමට ගිහින් එමු.. ෆොටෝ ටිකනම් කිවුවත් වගේ එලම තමයි..

    ReplyDelete
    Replies
    1. ස්තූති දිනේෂ්..මගේ විනෝදාංශය පොටෝ ඇල්ලිල්ල තමා...

      Delete
  9. සුභ ගමන් රියදුරු මහත්තයෝ

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි සසිඳු..

      Delete
  10. බලහං..උඹව බලන්න මම ඉස් ඉස්සෙල්ලාම ආව දවසෙ උඹ නිවාඩු ගෙහුං...බොට සුභ ගමන්...

    ReplyDelete
    Replies
    1. සිරාව ඉතාමත් ආදරයෙන් පිලිගන්නවා....ඔව් සිරා අවුරුදු 2 කාල සීමාව ඉවර වුන නිසා නිවාඩුවට ආවා...

      Delete
  11. මේ වෙද්දි නං ගමන ඉවර ඇතිනේ. උඹ ආයෙ නොයන්නද ආවෙ?

    ReplyDelete
    Replies
    1. ඔව් රාජ් මේ වෙද්දිනම් ගෙදර...මම ආයේ යනවා..ඒත් ගෙදරකට නම් නෙමෙයි කම්පැනි එකකට..

      Delete
  12. ගෙදර එනව කියන්නෙ කොයි තරං සන්තෝසයක්ද... නේද...??? මේ සටහන මම කියවන කොට ඔබ ගෙදර නිසා සුභ ගමන් කියල කියන්න ඉ්‍බෑනෙ..
    ගෙවන නිවාඩුව සුවෙව් ගෙවල නැවත සුවසේ ගුවන් ගත වීමට වාසනාව ලැබේවා...

    අවන්හල

    ReplyDelete
    Replies
    1. පරක්කු වුනාට කමක් නෑ..බොහෝම ස්තූතියි මහේෂ් අදහස එකතු කලාට...අවුරුදු පහුවෙනකම් ඉඳලම තමයි යන්නේ...

      Delete
  13. සෑහෙන්න පරක්කු වෙලා මම. සුබගමන්.. මමත් හිතන් හිටිය අවුරුද්දට ගෙදර යන්න. අන්තිමේ වැඩේ ගැස්සුනා. මල්ලිගේ පින්තුර නම් විශිෂ්ටයි. හොද කැමරාවකට බහිමු.

    ReplyDelete
  14. පට්ටම ලස්සන ෆොටෝ ටිකක්....මිනිස්සුන්ට තමන්ගේ හැකියාවන්ට නොගැලපෙන රැකියාවන්ම දෙන්නේ ඇයි දෙයියනේ....

    ReplyDelete
  15. සුභ ගමන් මහත්තයෝ...

    ReplyDelete

ඔබට හිතුන දේ ලියලම යන්න...