දින 2 පෙර නමෝ විත්තියෙන් බ්ලොග් ලෝකයට මමත් එකතු වුනා.ඒත් දින 2 පහුවෙනකම්ම ලිපියක් එකතු කරන්න හිතට නිදහසක්, විවේකයක් තිබුනේ නෑ.පටන් ගත්ත දවසෙම ගෙදරට කතා කලාම අම්මයි තාත්තයි දෙන්නම ලෙඩ වෙලා.අම්මට කතා කරන්න හුස්ම ගන්න බැරි තරමට සෙම.ඒ වෙද්දිත් අම්මා ගමේ දොස්තරගෙන් බෙහෙත් අරගෙන.ඒත් මම කිව්වෙම ගම්පහ ඉස්පිරිතාලෙට ගිහින් ටික දවසක් නතර වෙන්න කියලයි.කොච්චර කිව්වත් “නෑ පුතේ මට දැන් අඩුයි..එච්චර අමාරුවක් නෑ“ එහෙම තමයි කියන්නේ.අමාරුවෙන් කතා කර කර අහන්නෙම “ඔයාට කොහොමද? කරදරයක් නෑ නේද? කෑවද“ මගේ විස්තර තමයි.අම්මව තවත් මහන්සි නොකර ෆෝන් එක තියන්න කලින් තාත්තට කොහොමද අහනකොට කියපු දෙයින් මාව හිරි වැටිලා ගියා..
“ඔයා අහපු නිසා කියන්නේ පුතේ ඊයේ වැඩ කර කර හිටපු ගමන් ගෙදර ආවා පපුවේ අමාරුවක් හැදිලා.බේතුත් ගත්තා.දොස්තර මහත්තයා කිව්වා ECG එකක් ගන්න කියලා.හෙට උදේට යනවලු“
ඒ වෙලාවේ මට දුක,කේන්තිය,කළකිරීම හැමදෙයක්ම දැනුනා.දුක දැනුනේ අම්මා තාත්තා දෙන්නම අසනීප වෙලා ඉන්න වෙලාවේ මට එයාලා ලග ඉන්න බැරි වුන එකට.මම ලග හිටිය නම් ඔච්චර අමාරු වෙනකම් ඉන්නේ නැතුව බලෙන් හරි බේත් ගන්න එක්ක යනවා.
කේන්ති ගියේ මල්ලී ගැන.එයාගේ පවුල ගැනත් මට බලන්න වෙලා තියෙන කොට එයා දෙමව්පියෝ ගැන බැලුවේ නැති එක එච්චර දෙයක් නෙමේ.බිරිඳ දරුවෙක් ලැබෙන්න,දෙමව්පියෝ අසනීපෙන් එයා එයාගේම පාරක වගකීම් විරහිතව ගමන් කරනවා.එයා ඒ තත්වෙන් මුදවා ගන්න මම උනන්දු වුනා මදි යැයි පසුතැවීමකුත් මට තියෙනවා.මල්ලී මට වඩා අවුරුදු 8 බාලයි.මම පලමු රැකියාව කරන කොටත් ඔහු පාසලේ 8 වසරේ විතර.ඉන්න එකම සහෝදරයා නිසා ඉල්ලන හැම අවශ්‍යතාවයක්ම පුලුවන් විදියට ලබා දුන්නා.පස්සේ කාලෙක එයා ඇගලුම් කම්හලක සේවය කරද්දී පවා මුදල් පරිහරනයේ කිසිම පිලිවෙලක් තිබුනේ නෑ.මේ මාසයේ පඩියෙන් මිලදී ගත් දෙයක් ඊලග මාසේ වෙනකොට එයා ලග තිබුනේ නෑ.ඒ දේවල් සේරම යාලුවෝ ලග.එයාගේ යාලුවෝ පිරිසත් එක්ක අද වෙනකොට ගමන් කරලා තියෙන දුර ගැන මට ලැබෙන ආරංචි කිසිසේත්ම යහපත් නෑ.
මම උසස් පෙල දෙවන වරටත් පෙනී ඉඳලා රැකියාවකට ගිය තැන ඉඳන් අද දක්වා කාලය කිසියම් සැලැස්මකට ඉලක්කයක් තියාගෙන වැඩ කලා නම් අද තාත්තාට විවේකීව ගෙදර ඉන්න තිබුනා නේද කියන කලකිරීම මට තියෙනවා.එදා සිට අද දක්වා රැකියා කීපයකම අත්දැකිම් තියෙනවා.ලැබුන මුදල් වලින් ගෙදර අවශ්‍යයතාත් බලාගෙන මගේ කටයුතුත් කරගෙන හිටියා මිසක් දියුණුවක් ගැන හිතුවේ නෑ.තාත්තා අදටත් මේසන් හැන්ද,සිමෙන්ති,කලුගල් එක්ක ඔට්ටු වෙනකොට මට මහා වරදකාරී හැගීමක් එනවා.
මේ වගේ හිත නොසන්සුන් වෙලා තියෙද්දිම රැකියාවත් කාර්ය බහුල වුනා.ශීත කාලය සඳහා කුවේට් එකේ පාසල් නිවාඩුව පටන් ගත්තා.මාලිගා වගේ ගෙවල් තියාගෙන කාන්තාරේ කුඩාරම් ගහගෙන සීතලේ වෙව්ල වෙව්ල ඒවාට වෙලා ඉන්නවා මේ මිනිස්සු.ඒ ගැන වෙනමම ලියන්න කරුණු තියෙනවා.මම අකමැතිම කාල සීමාව.මේ හැම දෙයක්ම හිතේ තියාගෙන වාහනෙත් එලවන ගමන් කල්පනා කලේ මේ දේවල් බ්ලොග් එකේවත් ලියලා හිත ටිකක් නිදහස් කර ගන්න ඕනේ කියලයි.
ආයෙත් සැරයක් ගෙදරට කතා කලාම අම්මට ගොඩක් සනීපයි.තාත්තාගෙත් ECG වාර්තාවේ වරදක් නැති බව කිව්වා.ඒ ගැන සතුටුයි.
තව කෙනෙකුට වැදගත්කමක් නැති කරුනු ටිකක් වුනත් මේ ටික ලිව්වාම මගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා.හරියට කවුරු හරි ලග ඉඳන් අහගෙන හිටියා වගේ.

ගෙදර කෙනෙක් අසනීප වුනාම ඒක හිතට ලොකු බරක් තමයි.
ReplyDelete//මේ ටික ලිව්වාම මගේ හිතට ලොකු සැහැල්ලුවක් දැනුනා.// ලියන ඒකෙ තියන තව වාසියක් ඔය., එතකොට හිත ටිකක් හරි සහනයක් ලැබෙනවා නෙ.. අනික කෙනෙක්ගේ පොඩි පොඩි ජිවිත අත්දැකීම් උනත් තව කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්...
මේ ලියන සරල ක්‍රමයට මං කැමතියි..
බොහෝම ස්තූතියි චන්දන..ඔබලාගේ මේ දිරිමත් කිරිම් ගොඩාක් වටිනවා..
Deleteදිගටම ලියන්න. එතකොට හිත නිදහස්.
ReplyDeleteඔව් ධනා ඒක නම් ඇත්ත...ආවාට ස්තූතියි..දිගටම එන්න
Deleteගෙදර කෙනෙක් විශේෂයෙන්ම අම්මා තාත්තා ලෙඩ වුනාම් හිතට හුඟක් කරදරයි. ඒ අපහසුතාවය දෙගුණ වෙනවා අපිට ළඟ ඉන්න බැරිවුනාම.
ReplyDeleteඒක ඇත්ත ඉවාන්..අසනීපයක් වුනත් ඒ අය අපට කියන්නේ පුලුවන් තරම් සැර බාල කරලා..අපිට කරදරේනේ කියලා..එහෙම වුනාම ගොඩක් හිතට දුකයි..
Deleteකෝ මේකේ ෆලෝ කරන ගැජට් එක
ReplyDeleteගැජට් ලිස්ට් එකේ ඉවාන්ලගේ එහෙම තියෙන google friend connect කියන ගැජට් එක නැහැනේ.මේ තියෙන එක ඇඩ් කරගත්තා..
Deletefollow ගැජට්ටුව දා ගන්ඩෝ. එක තියෙන්නේ other gadget කියන option එකේ.
ReplyDeleteපිට රටට වෙලා ඉද්දි ගෙදර කෙනෙක් ලෙඩ උනාම හිතට නිදහසක් නම් දැනෙන්නෙම නෑ තමයි. සහෝදරයෝ තුන්දෙනෙක් ඉන්න මටත් මේ තරම්ම ඒක දැනෙනවා නම් ඔබට කොහොම ඇද්ද?
මෙහෙ අරාබි කාරයොත් මේ පට්ට සීතලේ කාන්තාරේ කුඩාරම් ගහගෙන. එත් ඒවාගේ සිතල නැතුව ඇති මම හිතන්නේ. උන්ට ඉතින් කොහේ ගියත් සැප නේ. මම හිතන්නේ උන් ඔය කුඩාරම් ගහන්නේ උන්ගේ අතීත පුරුද්දට වෙන්න ඇති. මුන්ගේ කලින් පරම්පරාවල් හිටියේ කාන්තාරේ කුඩාරම් වලට වෙලා ඔටුවෝ ඇති කර කර කියලයි නේ කියන්නේ.
ගැජට්ටුව දා ගත්තා..චමින්දගේ බ්ලොග් එක ආශාවෙන් බලන එකක්.මමත් පොටෝග්‍රැපි ගැන උනන්දුයි..මේ පැත්තේ ආවාට ස්තූතියි..
ReplyDeleteරට ඉන්න හැමෝටම තියෙන ලොකුම දුක තමයි ඉතින් මේක... මම කවදාවත් රට යන්නේ නෑ කියල හිතාගෙන හිටියට අන්තිමේදී කොහොම හරි ඉතින් එන්න වුණා.. ඕව ඔහොම තමා..ඇත්තටම අපි හොඳින් ඉන්නවනම් තමයි අපේ දෙමව්පියෝ සතුටු වෙන්නේ... ඔබ හොඳින් ඉන්න නිසා ඔවුන් සතුටින් ඇති.. :)
ReplyDeleteබොහෝම ස්තූතියි පැතුම් අදහස එක් කලාට......ලඟදීම නිවාඩුවට යන නිසා ඔවුන් දැන් ගොඩක් සතුටෙන්..
ReplyDelete