Friday 24 January 2014

පලමු සටහන...

මම දැනට වසරකට පමන පෙර බ්ලොග් කියවීම ආරම්භ කලේ මාරයාගේ හෝරාව බ්ලොගය තුලිනුයි.ඒ වන විටත් මැදපෙරදිග රියදුරෙකු ලෙස සේවය කල මාගේ විවේකී කාලය ගෙවුනේ අන්තර්ජාලයෙන් සිංඳු ඇහීම,චිත්‍රපට බැලීම,පුවත් පත් බැලීම වැනි දෑ සඳහා පමනි.නමුත් බ්ලොග් අවකාශය ගැන දැනගත් පසුව මා වැඩි කාලයක් ගතකලේ බ්ලොග් පෝස්ට් කියවීමටය.බ්ලොග් පෝස්ට් කියවීමේදී වඩාත්ම මා සිත් ගත්තේ කමෙන්ට් තුලින් ඇතිවන සංවාදයටය.
                                                       මුලින් බ්ලොග් කියවන්නෙකු වී ඉන්පසු ප්‍රතිචාර දක්වන්නෙකු වූ මට බ්ලොග් රචකයකු වීමට ඇත්නම් යැයි වාර ගණනාවකදී සිතී ඇත.එහෙත් ඒ සඳහා පලමු පියවර තැබීමට මැලි වූයේ තවකෙකුට කියවිය හැකි දෙයක් ලිවීමට මට හැකිවේද යන සැකය නිසාය.මාතලන්ගේ බ්ලොග් පන්ති ලිපිය කියවීමෙන් පසු යටපත් වී තිබූ ආශාව නැවත ඉස්මතු වූයෙන් අද දින මෙසේ බ්ලොගයේ ආරම්භක සටහන තැබූවෙමි.
                                        අද දින සිට මා සිතට දැනෙන දේ දකින දේ මගේ පුංචි කැමරාවේ සටහන් වන පින්තූර යනාදිය මෙහි පලවන අතර එම පල කිරීම් වල ගුණ දොස් බ්ලොගයේ වැඩි දියුනු විය යුතු තැන් පිලිබඳ උපදෙස් ඔබ සැමගෙන් බලාපොරොත්තු වෙමි..



28 comments:

  1. එළකිරි ඔය තියෙන්නේ ලෙසටම.. දිගටම පන්තියට වරෙන්.. ඒ අතරේ පුළු පුළුවන් විදියට පෝස්ට් දාන එකයි තියෙන්නේ.. උදව් කරන්න එයි ඕන තරම්..

    එකෙක් හරි බොගක් දානවා කියන්නේ කොච්චර ආඩම්බරයක්ද...?

    ජයම වේවා.. !!!

    ReplyDelete
    Replies
    1. ගුරාගෙන් මෙහෙම අහනකොට පුදුම සතුටක් දැනෙන්නේ...හරියට පොඩි කාලේ පිටුව පිරෙන්න හරියක් ලැබුනා වගේ..දිගටම පන්ති එනවා.....ස්තූතියි..

      Delete
  2. හොඳයි ඩ්‍රයිවර් කොල්ලා. ඔය පට්ටාං ගත්තා වගේම දිගටම ලියමු බලන්න. මමත් ආසයි දැනගන්න ඔහේ ඩ්‍රයිවර් කොල්ලෙකුට අපිත් එක්ක බෙදාගන්න මොනවද තියෙන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. බ්ලොගය ගැන ඉගෙන ගන්න ගමන් හැකි විදියට පෝස්ට් දාන්නම්..ඔබලාගේ අදහස්
      උපදෙස් වලට ස්තූතියි...

      Delete
  3. එල ඈ... උඹලට ලියන්න දේ ඕන තරම් ඇති.. හෙමින් හෙමින් ඔහොම යමු ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන හිතාගෙන ඉන්න කරුණු ටිකක් තේරුම් බේරුම් කරගෙන වෙන් කරලා ලියන්න ඕනේ..දැනට නිකන් පැටලිලා වගේ..චන්දනගේ සටහන් මම බොහොම ආශාවෙන් බැලුවා..විදුලිය ගැන පෝස්ට් ගොඩක් වැදගත් වුනා...ස්තූතියි..

      Delete
  4. අළුත් වැඩේට ජය!
    සින්ඩී වලටත් දාගන්න.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උපදෙසට...

      Delete
  5. ඔන්න මහාචාර්ය මාතයාගේ ප්‍රඩක්ට් එකක්. එළකිරි.. මඤෝ ෆලෝවර් ගැජට් එක දාහං.. වර්ඩ් වෙරිෆිකේෂන් අයින්කරා නේද කමෙන්ට් වලට..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්..වෙරිෆිකේෂන් අයින් කරා..ගැජට් එක ගැනත් බලන්නම්..ස්තූතියි..

      Delete
  6. අපිත් ඔන්න අද ඉදන් මේකේ ලැගලා ඉන්නවා එහෙනම්

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා යක්ෂයා..හයර් එකක් එහෙම තියේනම් යමු...

      Delete
  7. එල... දිගට ලියන් යමු එහෙමනං...

    ReplyDelete
    Replies
    1. පැමිණියාට ස්තූතියි...

      Delete
  8. කාලයත් එකම තැන වැඩ කරපු කෙනෙක් පස්සේ කාලෙක මෙහෙම එකම තැනකදී හම්බ වෙන්න ලැබීම පට්ට සංතෝෂයක් දැනෙන කාරණාවක්.. දිගටම ලියං යං.. කොහොමටත් රට ඉන්න කාලේ පාළුව මකන්න වගේම තමන්ගේ අත්දැකීම් වලට වටිනාකමක් දෙන්නත් මේක සෑහෙන්න උදව් වේවි...

    ReplyDelete
    Replies
    1. පලමුවෙන්ම කියවපු බ්ලොග් එක මාරයාගේ හෝරාව.දන්න අඳුනන කෙනෙක්ගේ නිසා පෝස්ට් සේරම වගේ බැලුවා.පංසල් කතා ආයෙම ලියමුකෝ.ආවාට ස්තූතියි.

      Delete
  9. නියමයි පුතේ... එකා එකා බැගින් එකතු වෙමින් සිංහල බ්ලොග් ලෝකය දළු දමන එකට මාර හැපි. බ්ලොග් එක ප්‍රියමනාපයි, පිරිසිදුයි. දිගටම ලියමු, ඒ වගේම අනෙක් බ්ලොග් එහෙමත් කියවමු. දිගු, සාර්තක ගමනකට සුභ පතනවා.

    ReplyDelete
    Replies
    1. සුභ පැතුමට බොහෝම ස්තූතියි.ඔබලාගේ මේ ගුරු හරුකම් තමයි මගේ ශක්තිය..

      Delete
  10. අපිත් ඔන්න අද ඉදන් මාත් මේකේ ලගින්ට ආව ලියාපං අය්යණ්ඩි දිගටම අපිත් අන්නං මේ අහ
    ෆලා්වර් ගැජට්ටුව ඔබා ගන්න නැත්තං අපිට එන්න හොයන්න අමාරුයි..
    අළුත් වැඩක් අළුත් විදියට පටං ඇරන්
    ජය වේවා

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා මහේෂ්..දිගටම එන්න..

      Delete
  11. අපේ සුබ පැතුම්! ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි..දිගටම එන්න..

      Delete
  12. දිගු ගමනක් යාමට හැකිවේවා !!! අපගේ සුභ පැතුම එයයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි පැතුමට..

      Delete
  13. ඔන්න ඔක්කොම පෝස්ට් කියෙව්ව. නියමයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි රාජ්....දිගටම එන්න...

      Delete
  14. මම අද මේ බ්ලොග් එක දැක්කේ .. ඔබගේ හිතෙන දේ ලියන්න.. අපි එන්නම් බලන්න.. ජය..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා පැතුම් ඔබව...පිලිතුරු ප්‍රමාද වුනාට සමාවෙන්න....ඔබටත් ජයම වේවා..

      Delete

ඔබට හිතුන දේ ලියලම යන්න...